එන්. එම්. පෙරේරා, සැල්වදෝර් අයියන්දේ සහ හියුගෝ චාවේස්: සමාජවාදය සදහා අරගලයේ මුලෝපාය තුනක්
ලංකා සමසමාජ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය එන්. එම්. පෙරේරාගේ 110 වෙනි ජන්ම සංවත්සරය මේ මාසයට යෙදී තිබේ. ආචාර්ය එන්. එම්. පෙරේරා විශිෂ්ට ගනයේ ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස සිට්ටම් කිරීමට බොහෝ දෙනා මෙම අවස්තාව යොදා ගන්නවාට සැකයක් නැත. එමෙන්ම හේ මෙරට වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායයන් ප්‍රතිෂ්ටාපනය කිරීමට විශාල මෙහෙයක් කල බවද සදහන් වෙනු ඇත. මෙමගින් එන් එම් අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙන ගිය අවිච්චින්න අරගලයත් මෙරට මානුෂවාදී සමාජ පරිවර්තනයකට ගත් අකලංක උත්සාහයත් යට ගැසීමට උත්සාහ ගනු ඇත. එන් එම් පෙරේරා ගැන වසරකට වරක් ලිපියක් ලිවීම මගේ පුරුද්දකි. මා බොහෝ විට ලියා ඇත්තේ ඔහු අතින් කෙරුණ වැරදි ගැන ය. මෙරට ඉතිහාසයේ ඔහුට හිමිවිය යුතු තැන මෙම වැරදි හේතුකොටගෙන ඔහුට නොලැබුණේ යැයි මට ඇත්තේ ශෝකයකි. එන්. එම් ට මෙන්ම මා ආදරය කරන දකුණේ තවත් වමේ නායකයන් දෙදෙනෙකු සමග සසදමින් ඔහු ගැන සටහනක් ලිවීම වැදගත් යැයි මට සිතින. එම දේපොළ නම් චිලියේ ජනපතිව සිටි සැල්වදෝර් අයියන්දේ සහ වෙනිසීයුලාවේ ජනපතිව සිටි හියුගෝ චාවේස් ය.
මෙම තුන්පොල අතර ඇති ප්‍රධාන සමාන කම වන්නේ ඔවුන් තිදෙනාම සමාජවාදී පරිවර්තනයක් හරහා මානව විමුක්තිය සහ සංවර්ධනය වෙනුවෙන් තම ජීවිත කැප කිරීම ය. එහෙත්, සමාජවාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? එය ගොඩනැගීම සදහා රාජ්‍ය බලය හැසිරවිය යුත්තේ කෙසේ ද? වැනි ප්‍රශ්න පිලිබදව ඔවුන් දුන් පිළිතුරු තරමක් වෙනස් ය. විශේෂයෙන් ඔවුනගේ සමාජවාදී භාවිතය කැපී පෙනෙන ලෙස වෙනස් විය. එක් අතකින් මගේ පරිශ්‍රමය අසාධාරණ එකක් විය හැක. එන්. එම්. පෙරේරා සහ සැල්වදෝර් අයියන්දේ ජීවත් වූ යුගය සහ හියුගෝ චාවේස් ජීවත් වූ යුගයයන් එකිනෙකට වෙනස් ය. එන්. එම්. පෙරේරා සහ සැල්වදෝර් අයියන්දේ ජීවත් වූ යුගය සමාජප්‍රජාතන්ත්රවාදී අදහස් ශක්තිමත්ව තිබු සහ නිරවි යුද තත්වයක් පැවති ප්‍රමාද ධනවාදී යුගය ය. හියුගෝ චාවේස් ජීවත් වූයේ නවලිබරල්වාදී අවධියේ ය.

එන්. එම්. පෙරේරා සහ සැල්වදෝර් අයියන්දේ රාජ්‍ය ඒකාධිකාරී දේපොළ සහ මධ්‍යගත සැලසුම් ක්‍රමය ගැන විශ්වාසය තැබුහ. මෙම නායකයන් තිදෙන සමාජවාදය ගොඩ නැගීමට ඉදිරිපත් කොට අනුගමනය කල මුලෝපායයන් පලවෙනි සටහන මගින් සාරාංෂ කර දක්වයි.

පාඩම 1: ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි ජනතාවාදී එහෙත් ධනේශ්වර පක්ෂ සමග පෙරමුණක් ගොඩ නැගීම මගින් පවත්නා රාජ්‍ය ආයතන පද්ඩතිය තුල පිහිටමින් සමාජ පරිවර්තනයක් කළනොහැකි බව ය. මෙම පරිවර්තනය පිළිබද ගමන නොනවතින එකකි. එහි පියවර නැත. ස්ටලින්වාදී ජනතා පෙරමුණු අදහස සමාජයේ පහල පන්ති වලට ගෙන දෙන්නේ පරාජයකි.
1970 ගණන් මුල චිලියේ ගොඩ නැගුන පෙරමුණේ ප්‍රධාන පක්ෂ දෙක වුයේ සමාජවාදී පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ය. එය එනයින් 1964 ශ්‍රී ලංකාවේ පෙරමුණ මෙන් පන්ති අතර පෙරමුණක් නොවී ය. සමාජ පහල පන්ති වල එක්සත් පෙරමුණක් විය. කෙසේ වුවද අයියන්දේ කල්පනා කලේ පවත්නා ධනේශ්වර ආයතන පද්ධ්‍තිය තුල බොහෝ දුරක් යා හැකි බව ය. මෙම ප්‍රශ්නය සම්බන්ධව පිදෙල් කස්ත්‍රෝ ඔහුට අනතුරු ඇගවුයේ ප්‍රති විප්ලවීය බලවේග වල ප්‍රහාරය කට ඇති ඉඩකඩ සිහි ගන්වමිනි. ඇමරිකානු රහස් ඔත්තු සේවයේ දැනුම සහ ආධාරය ඇතිව එල්ල වුන දක්ෂිණාංශික ප්‍රහාරය අයියන්දේ මරා දමා එම ආණ්ඩුව පෙරලා පිනෝචේ ගෙ මිලිටරි පැසිස්ට් වාදයට මග පෑදුවේය.
පාඩම 2: ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රනය සහ එහි ආණ්ඩු ව්‍යුහයයන් ඇතුලත සමාජවාදී සමාජ පරිවර්තනයක් කල නොහැකි බව ය.
වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් එක අතකින් සෝවියට් සමාජවාදයේ ඉමහත් වැරදි ද අනෙක් අතින් ලතින් ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂ අනුගමනය කල මහජන පෙරමුණු වාදී දේශපාලනයේ ප්‍රතිපල හොදින් අවබෝධ කර ගත්තේ ය. එමෙන්ම, හේ චිලි අත්දැකීමේ පාඩම් ග්‍රහණය කර ගත්තේ ය. 21 වෙනි සියවසේ සමාජවාදය බොලිවේරියානු විප්ලව වාදීන් සූත්‍ර ගත කරන්නේ මෙම තත්වය තුල ය. එය සමාජ යේ පහතමාලයේ පෙරමුණු, මහජන සහභාගිත්ව ආයතන සහ නව ව්‍යුහයයන් වල අවශ්‍යතාවය අවධාරණය කලේ ය. ඇමරිකානු ඔත්තු සේවයන්හි දැවැන්ත කුමන්ත්‍රණයන් හමුවේ වෙනිසියුලාව තව දුරටත් සමාජ පරිවර්තන මාවතේ ගමන් ගන්නේ එම නිවැරදි පාඩම් මත පිහිටි දේශපාලනයක් ඉදිරියට ගෙන යාමෙනි.
සමාජ පරිවර්තනය බරපතල ඇති දුෂ්කර කාර්යයකි. සමාජ පහත මාලයේ පෙරමුණක් වන ග්‍රීසියේ සිරිසා ආණ්ඩුව හමුවේ අද ඇත්තේ බරපතල අභියෝගයකි. ලෝක ධනේශ්වර ක්‍රමය ඉදිරිපත් කරන අභියෝගයනට මුහුණ දීම බෙහෙවින් දුෂ්කර ය. ජාතික රාජ්‍යයෙන් ඔබ්බට ගිය දේශපාලන සමගියක් ඊට අවශ්‍ය ය.
එන් එම් පෙරේරා තම අනුභූතිය මත පිහිටා 1975 දී සහභාග දේශපාලනයෙන් බිදුනද ලංකා සමසමාජ පක්ෂය ට එයින් බිදීම අපහසු විය. බර්නාඩ් සොයිසා නැවත වතාවක් පක්ෂය එම හබකයෙම හිර කලේ ය. අද ලංකා සමසමාජ පක්ෂය කෙතරම් පිරිහී ඇත ද යත් එය තුල ඇති විවාදය කුමන ධනපති කදවුර සමග එකට යනවාද ගැන මිස සභාග දේශපාලනයෙන් බිදීම ගැන නොවේ. සමාජවාදී පරිවර්තනයක් ගැන සිතිය හැක්කේ ශ්‍රී ලංකාවේ අපට සිරිසා වැනි සමාජයේ පහල තීරුව නියෝජනය කරන පක්ෂ සහ පුද්ගලයන්ගේ එකතුවක් මගින් පමණි.
Comments
Post a Comment