Skip to main content

 

කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය 2 කොටස

කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය, අද

විමුක්තිවාදී කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ මූලිකාංග සාකච්ඡාවට ගැනීමට පෙරාතුව, කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ අද ස්වභාවය ගැන කෙටියෙන් හෝ සාකච්ඡා කිරීම අවශ්‍ය ය. මෙහිදී මගේ සාකච්ඡාව විශේෂයෙන් යොමුවන්නේ පහුගිය වසර 60 පමණ කාලය තුළ ගෝලීය දකුණේ වෙනස්කම් වෙතය. 

මා මීට පෙර සටහනේ දැක්වූ පරිදි වර්තමාන කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය සකස්ව ඇත්තේ කාර්මිකකරණ ක්‍රියාවලිය අනුකරණය කරමිනි. මේ නිසා එය කාර්මික කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය (industrial agricultural mode of production) ලෙස පහසුව සදහා මම හදුන්වමි. කෙසේවුවද අසමාන සංවර්ධන නියාමය (law of uneven development) අනුව එයට කාර්මික නිශ්පාදන මාදිලිය අත්කරගත් සංවර්ධන මට්ටම අත්කරගත නොහැකි විය. මෙයට බල පෑ හේතු කාල් කවුට්ස්කි තම කෘෂිකාර්මික ප්‍රශ්නය පොතේ හත්වෙනි පරිච්චේදයේ සාකච්ඡාකර ඇත්තේ ය. හෙන්‍රි බර්න්ස්ටයින් තම පොතේ හයවෙනි පරිච්ඡේදය තුළ මේ සාධක සාරාංශකරයි. 

ධනේශ්වර වර්ධනයේ ආරම්භක අවධියේදී කෘෂිකර්මය සලකනු ලැබුවේ කාර්මිකකරණය සදහා අවශ්‍ය ප්‍රාග්ධනයෙහි මූලයයක් ලෙස සහ කිසියම් ප්‍රමාණයකට කාර්මික භාංඩ සදහා වෙළදපොලක් ලෙස ය. මේ නිසා කෘෂිකාර්මික අංශයෙහි ශ්‍රමය හා එහි ස්වභාවය කුමන ආකාරයක් ගන්නේ ද යන්න වැදගත් ප්‍රශ්නයක් නොවින. මේ නිසා කෘෂිකර්මයෙහිදී ශ්‍රම උද්ධරන ස්වරූපය (forms of exploitation) විවිධාකාර විය. ඒංගල්ස් පින්තාරුකළ වැටුප් ශ්‍රමිකයා කෘෂිකර්මයේදී දැකිය හැකිවූයේ කලාතුරකිනි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය ධනේශ්වර එකක් ලෙස පිලිගැන්මට අප මිත්‍ර එස්. බී. ඩී ද සිල්වා අදිමදිකළේ එහෙයිනි. මා හිතන විධියට මෙතනදී ඔහුගේ විග්‍රහය නිවැරදි නොවේ. වහල් ශ්‍රමය, දාස ශ්‍රමය, බන්ධනීය ශ්‍රමය, වැටුප් ශ්‍රමය වැනි ඕනෑම ශ්‍රම ක්‍රමයයක් මෙන්ම කුඩා පවුල් ශ්‍රම හැසිරවීමක් ද ධනේශ්වර නිශ්පාදන මාදිලිය සමග පැවතිය හැක. මේ නිසා අප මෙම කරුණු ගැන නිගමනවලට ආ යුත්තේ නිර්වචන හරහා යාමෙන් නොව මාක්ස් කලාක් මෙන් නිශ්චායකයන් (determinations) හරහා විග්‍රහය ගෙන යාමෙනි. 

මේ කරුණ වටහා ගැන්මට මාක්ස් ගේ ශ්‍රමය ආකාරගතව යටපත් කිරීම (formal subsumption of labor)  සහ ශ්‍රමය නිශ්චිතවම යටපත් කිරීම (real subsumption of labor) යන සංකල්ප යුගලය අවශ්‍ය වෙතැයි මම සිතමි. ගෝලීය දකුණේ රටවල කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය තේරුම් ගැන්මට මෙම යුගලය යොදා ගැන්ම හරහා කෘෂිකාර්මික ශ්‍රමයෙහි ස්වභාවය තේරුම් ගත හැක.

මෙහිදී මා හරිත විප්ලවය හැරවුම් ලක්ෂයක් ලෙස ගත්ත ද කෘෂිකාර්මික ශ්‍රමයේ මෙම පරිවර්තනය වඩා කැපී පෙනෙන ලෙස දැකගත හැක්කේ නවලිබරල්වාදී අදියර ඇරඹීම සමග ය.

මෙතනදී මා වැඩි සැලකිල්ලක් දක්වන්නේ වී, තිරිගු, බඩ ඉරිගු සහ සෝයා වගා සම්බන්ධයෙන් ය. සැබවින්ම මගේ වගා දැනුම වී වගාවට බෙහෙවින් සීමා වේ. 

වී වගාව ගතහොත් අද එහි උඩු ගං (up stream) ක්‍රියාවලීන් මෙන්ම යටි ගං (down stream) ක්‍රියාවලින්ද අපමණ වෙනසකට භාජනය වී ඇත. වගාව සදහා බිම සැකසීම සිට අස්වැන්න නෙලීම සහ සැකසීම දක්වා ක්‍රියාවලිය උඩු ගං ක්‍රියාවලියට අයත් වේ. එතැන් සිට සහල් පරිභෝජකයාට යනතාක් ක්‍රියාවලිය යටි ගං ක්‍රියාවලිය ලෙස මෙහිදී සැලකේ. 

මෙම ක්‍රියාවලින් දෙකෙහි හැම පියවරක්ම අද ප්‍රාග්ධනයට යටත්වෙනවා පමණෙක් නොව ගොවියාට එහිලා හැසිරවීමක් කළ නොහැකි තරම් ය. ගොවියා නිශ්පාදන ක්‍රියාවලියෙන් සහ නිශ්පාදිතයෙන් ඈත්කර ඇත්තේ ය. මේ නිසා කෘෂිකාර්මික ශ්‍රමය අද නිශ්චිතවම ප්‍රාග්ධනය විසින් යටපත් කරගෙන ඇත්තේ ය. මීට පෙර ගොවියා යටපත් කෙරුනේ වාණිජ සහ උගස්කාර ප්‍රාග්ධනය මගිනි. එම ආකාරගත යටපත්කිරීම නව ක්‍රමයට බද්ධකරගෙන ඇත. ක්ෂුද්‍ර ණය ඒ පිල්ලියේ නව ප්‍රකාශණය ය. 

තවත් යමක් මෙහිදී සටහන් කළ යුතු වේ. එනම් 1970 ගණන්වල අග ඇරඹුන නවලිබරල්වාදී අදියර තුළ මෙම ක්‍රියාවලිය ගෝලීය නිශ්පාදන යදම් සමග විවිධ මට්ටමෙන් බැදී ඇත්තේ ය.

වර්තමාන කෘෂිකාර්මික මාදිලියේ තාක්ෂණික පැතිකඩ ගැන මීලග කොටසෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.


Comments

Popular posts from this blog

බිල්ලෝ සහ කන්‍යාවියෝ: මහජන පෙරමුණු වාදය යලි කරලියට සුමනසිරි ලියනගේ ෆෙබරවාරි 10 වෙනිදා පැවැත්වුන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් යහපාලන ආංඩුවේ සහභාගි දේශපාලන පක්ෂ දෙක පරාජයට පත්වීන. මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් ගණනාවක බහුතර බලය තහවුරු කර ගත්තේ ය. මේ සමග ඊලග ජනාධිපතිවරණයකදී සහ පාර්ලිමේන්තු මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය කළ හැක්කේ 2015 ජනවාරි 8 වෙනිදා ගොනු කෙරුන බලවේග නැවතත් එක්කර ගැන්ම මගින් පමණක් ය යන අදහස කිහිප පොලක් ම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවක දී යහපාලන ආංඩුවේ ඇමතිවරයෙකු වූ පාඨලී චම්පික රණවක මෙම යෝජනාව කලේ ය. 2015 ජනවාරි 8 වෙනිදා බලවේගයේ සිවිල් සමාජකාරකයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි  මුහුණු පොතේ සටහනකින් මෙයට සමාන අදහසක් දැක්විය. විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඉදිරිපත් කළ අදහස ද මෙයට ම සමාන එකක් විය. මෙම යෝජනාව ගැන තම අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසුවේ 2015 ජනවාරි 8 වෙ...
සාකච්ඡාව සදහා වැටුප් ශ්‍රමිකයා කවරෙක් ද? සුමනසිරි ලියනගේ වැටුප් ශ්‍රමිකයා කවරෙක් ද? නිර්ධන පන්තිය ලෙස සැලකිය හැකි පංති තීරූ මොනවාද? විප්ලවවාදී පක්ෂයක පන්ති පදනම වන්නේ සහ විය යුත්තේ කුමන පංතීන්ගෙන් ද? මා මෙම ප්‍රශ්නය මතු කරන්නේ න්‍යායාත්මක ප්‍රශ්නයක් හැටියට නොවේ. ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය තුල දේශපාලන ක්‍රියා මාර්ගය සකස් කර ගැනීමේදී ආසන්නව මතුවන ප්‍රශ්නයක් හැටියට ය. පසුගිය වසර දෙක තුල ඇතිවුන මා සහභාගී වූ දේශපාලන සාකච්ඡා කිහිපයක දීම මෙම ප්‍රශ්නය මතුවිණ. එහෙත් එම ප්‍රශ්නය මතු වූ අවස්ථා හැම එකකදීම වාගේ අපි එම ප්‍රශ්නය සමග නිශ්චිතව පොර බැදීම අත්හැර දැම්මෙමු. ඒ එය දිගට ගෙන යාමෙන් අප මාක්ස්වාදයේ ශුද්ධ වූ පාඨයන් ගෙන් බිදී යාදෝ යන බියෙනි. මෑතකදී වෟත්තීය සංගමයක් තුල ඇතිවූ සාකච්ඡාවකදී මෙම කරුණ වඩාත් සංයුක්තව මතුවිණ. වෟත්තීය සංගමයක් විසින් සංවිධානය කළ යුත්තේ කවුරුන් ද යනුවෙන් පැන නැගුන එම සාකච්ඡාවේදී සෟජු ලෙස නොවුන ද මතු වුයේ මෙම ප්‍රශ්නය ය. වැටුප් ශ්‍රමිකයා, නිර්ධනයා, සහ කම්කරුවා යන පද වලින් ජනප්‍රිය ලෙස හැදින්වුව් ද නැත ද වැටුපට වැඩකරන කොටස් වෟත්තීය සංගමයක් විසින් සංවිධානය කළ යුතු ...