Skip to main content

Posts

  කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය 2 කොටස කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය, අද විමුක්තිවාදී කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ මූලිකාංග සාකච්ඡාවට ගැනීමට පෙරාතුව, කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ අද ස්වභාවය ගැන කෙටියෙන් හෝ සාකච්ඡා කිරීම අවශ්‍ය ය. මෙහිදී මගේ සාකච්ඡාව විශේෂයෙන් යොමුවන්නේ පහුගිය වසර 60 පමණ කාලය තුළ ගෝලීය දකුණේ වෙනස්කම් වෙතය.  මා මීට පෙර සටහනේ දැක්වූ පරිදි වර්තමාන කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය සකස්ව ඇත්තේ කාර්මිකකරණ ක්‍රියාවලිය අනුකරණය කරමිනි. මේ නිසා එය කාර්මික කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය (industrial agricultural mode of production) ලෙස පහසුව සදහා මම හදුන්වමි. කෙසේවුවද අසමාන සංවර්ධන නියාමය (law of uneven development) අනුව එයට කාර්මික නිශ්පාදන මාදිලිය අත්කරගත් සංවර්ධන මට්ටම අත්කරගත නොහැකි විය. මෙයට බල පෑ හේතු කාල් කවුට්ස්කි තම කෘෂිකාර්මික ප්‍රශ්නය පොතේ හත්වෙනි පරිච්චේදයේ සාකච්ඡාකර ඇත්තේ ය. හෙන්‍රි බර්න්ස්ටයින් තම පොතේ හයවෙනි පරිච්ඡේදය තුළ මේ සාධක සාරාංශකරයි.  ධනේශ්වර වර්ධනයේ ආරම්භක අවධියේදී කෘෂිකර්මය සලකනු ලැබුවේ කාර්මිකකරණය සදහා අවශ්‍ය ප්‍රාග්ධනයෙහි මූලයයක් ලෙස සහ කිසියම් ප්‍රමාණයකට කාර්ම
Recent posts
  කෘෂිකාර්මික ප්‍රශ්නය ගැන නැවතත් මා විසින් මීට වසර හතරකට පමණ පෙර ලියූ ලෙනින් විසින් (නැප්චූන් පබ්ලිකේෂන්, 2018) කෘතියේ කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්නය ගැන ලියවුන පරිච්චේදය මම අද උදැහන නැවත කියවීමි. එය විචාරීය කියවීමක් වූයේ පහුගිය වසර දෙක තුන තුළ මගේ අත්දැකීම්, කියවීම් සහ භාවිතයන් හමුවෙහි ඒ ලියූ දේ කෙතරම් නම් වලංගුද යන්න එම කියවීමෙහි අරමුණ වූ හෙයිනි. මේ සටහන ඒ කියවීමෙහි ප්‍රතිඵලයකි. මාක්ස්වාදී සාහිත්‍යයේ කෘෂිකාර්මික ප්‍රශ්නය සාකච්ඡා කෙරුනේ කෘෂිකර්මය තුළ ධනේශ්වර නිශ්පාදන සම්බන්ධතා කෙසේ කුමන ක්‍රියාවලියක් හරහා ගොඩනැගෙන්නේ ද යන ප්‍රශ්නය වටා ය. එම ක්‍රියාවලිය කාර්මික වර්ධනයට කෙසේ ආධාරවන්නේ ද යන්න ඒ හා බැදුන අනෙක් ගැටලුව ය. ලෙනින් පුලුල් වශයෙන් මෙම පරිවර්තනය දෙආකාරයකින් සිදුවේ යැයි කල්පනා කළේ ය. ඒ පහතින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from below) සහ ඉහළින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from above) යනුවෙනි. පළමුවැන්නට ඔහුගේ උදාහරණය ඇමරිකා එක්සත් ජනපදය වූ අතර දෙවැන්නට උදාහරණය ලෙස හේ දැක්වූයේ ප්‍රසියාව ය. මා යෝජනා කරන පළමුවෙනි ප්‍රස්තූතය වන්නේ ගෝලීය දකුණේ බොහෝ රටවල කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්
බිල්ලෝ සහ කන්‍යාවියෝ: මහජන පෙරමුණු වාදය යලි කරලියට සුමනසිරි ලියනගේ ෆෙබරවාරි 10 වෙනිදා පැවැත්වුන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් යහපාලන ආංඩුවේ සහභාගි දේශපාලන පක්ෂ දෙක පරාජයට පත්වීන. මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් ගණනාවක බහුතර බලය තහවුරු කර ගත්තේ ය. මේ සමග ඊලග ජනාධිපතිවරණයකදී සහ පාර්ලිමේන්තු මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය කළ හැක්කේ 2015 ජනවාරි 8 වෙනිදා ගොනු කෙරුන බලවේග නැවතත් එක්කර ගැන්ම මගින් පමණක් ය යන අදහස කිහිප පොලක් ම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවක දී යහපාලන ආංඩුවේ ඇමතිවරයෙකු වූ පාඨලී චම්පික රණවක මෙම යෝජනාව කලේ ය. 2015 ජනවාරි 8 වෙනිදා බලවේගයේ සිවිල් සමාජකාරකයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි  මුහුණු පොතේ සටහනකින් මෙයට සමාන අදහසක් දැක්විය. විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඉදිරිපත් කළ අදහස ද මෙයට ම සමාන එකක් විය. මෙම යෝජනාව ගැන තම අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසුවේ 2015 ජනවාරි 8 වෙනිදා
Is The Constitution A Key? Facebook Twitter Google+ Share 6 By  Sumanasiri Liyanage  – Sumanasiri Liyanage “ We all know the old joke about a guy looking for his lost key under the street light; when asked where he lost it, he admits that it was in a dark corner. So why he looking for it here, under the light? Because the visibility is much better here. ” ~ (Zizek Jokes. 2004) The current debate on constitutional change reminded me this old joke about drunkard guy looking for a lost key. In this discussion, I shall use the old Marxian term – the national question  – rather than the conventional terms -the Tamil ethnic question or the ethnic problem- commonly used in the current discourse. It has been incessantly argued with some justification that a new constitution or a revolutionary changes in the existing constitution is the key to resolving the national question as the Tamil struggle has been from its inception revolved around the issue of the state powe
කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීම සදහා අරගලය 1, මෙම මාතෘකාවේ දැක්වෙන මූලික පද දෙක -කම්කරු පන්තිය සහ විප්ලවවාදී පක්ෂය- මුලින්ම පැහැදිලි කරගත යුතු ය. ධනේශවර සමාජයක් තුල විවිධ පන්තීන් සහ උප පන්තීන් දැකිය හැක. විප්ලවවාදී පක්ෂය කම්කරු පන්තියේ පක්ෂයක් විය යුත්තේ මන් ද? මෙම කරුණ තේරුම් කිරීමට නම් විප්ලවවාදි යන්නෙන් කුමක් අදහස් කරන්නේ ද යන්න පැහැදිලි කර ගැන්ම අවශ්‍ය ය. සමාජ විප්ලවයක් යනු පවතින සමාජ ක්‍රමයයක් වෙනස් කොට -රූපාන්තකරණය කොට- ඒ වෙනුවට වෙනත් මූලධර්ම මත ගොඩ නැගුන සමාජ ක්‍රමයයක් බිහි කිරීම ය. එය දිගුකාලින ක්‍රියා දාමයකි. මෙවන් රූපාන්තකරණයක් වැඩවසම් සමාජ ක්‍රමය වෙනුවට ධනේශ්වර ක්‍රමය ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුල සිදුවීම ගැන අපි කියවා ඇත්තෙමු. අප අද කථාකරන සමාජ වෙනස මෙයට වඩා වෙනස් එකකි. වැඩවසම් සමාජ ක්‍රමය වෙනුවට ධනේශ්වර ක්‍රමය ගොඩ නැගීමේ ක්‍රියාවලිය තුල අප දුටුවේ එක් පෙෳද්ගලික දේපොල ක්‍රමයක් වෙනුවට වෙනත් පෙෳද්ගලික දේපොල ක්‍රමයක් ඇති කිරීම ය. අද අප අරගල කරන්නේ පෙෳද්ගලික දේපොල ක්‍රමයම නැති කරන සමාජ විප්ලවයක් සදහා ය. මෙය පරිපූර්ණ රූපාන්තකරණයක් ය. එක් පෙෳද්ගලික දේපොල ක්‍රමය