කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය 2 කොටස කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය, අද විමුක්තිවාදී කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ මූලිකාංග සාකච්ඡාවට ගැනීමට පෙරාතුව, කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ අද ස්වභාවය ගැන කෙටියෙන් හෝ සාකච්ඡා කිරීම අවශ්‍ය ය. මෙහිදී මගේ සාකච්ඡාව විශේෂයෙන් යොමුවන්නේ පහුගිය වසර 60 පමණ කාලය තුළ ගෝලීය දකුණේ වෙනස්කම් වෙතය. මා මීට පෙර සටහනේ දැක්වූ පරිදි වර්තමාන කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය සකස්ව ඇත්තේ කාර්මිකකරණ ක්‍රියාවලිය අනුකරණය කරමිනි. මේ නිසා එය කාර්මික කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය (industrial agricultural mode of production) ලෙස පහසුව සදහා මම හදුන්වමි. කෙසේවුවද අසමාන සංවර්ධන නියාමය (law of uneven development) අනුව එයට කාර්මික නිශ්පාදන මාදිලිය අත්කරගත් සංවර්ධන මට්ටම අත්කරගත නොහැකි විය. මෙයට බල පෑ හේතු කාල් කවුට්ස්කි තම කෘෂිකාර්මික ප්රශ්නය පොතේ හත්වෙනි පරිච්චේදයේ සාකච්ඡාකර ඇත්තේ ය. හෙන්රි බර්න්ස්ටයින් තම පොතේ හයවෙනි පරිච්ඡේදය තුළ මේ සාධක සාරාංශකරයි. ධනේශ්වර වර්ධනයේ ආරම්භක අවධියේදී කෘෂිකර්මය සලකනු ලැබුවේ කාර්මිකකරණය සදහා අවශ්‍ය ප්රාග්ධනයෙහි මූලයයක් ලෙස සහ කිසියම් ප්...