Skip to main content

Posts

Showing posts from 2018
බිල්ලෝ සහ කන්‍යාවියෝ: මහජන පෙරමුණු වාදය යලි කරලියට සුමනසිරි ලියනගේ ෆෙබරවාරි 10 වෙනිදා පැවැත්වුන ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් යහපාලන ආංඩුවේ සහභාගි දේශපාලන පක්ෂ දෙක පරාජයට පත්වීන. මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් ගණනාවක බහුතර බලය තහවුරු කර ගත්තේ ය. මේ සමග ඊලග ජනාධිපතිවරණයකදී සහ පාර්ලිමේන්තු මැතිවරණයක දී මහින්ද රාජපක්ෂ වටා ගොනුවුන දේශපාලන බලවේගය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය කළ හැක්කේ 2015 ජනවාරි 8 වෙනිදා ගොනු කෙරුන බලවේග නැවතත් එක්කර ගැන්ම මගින් පමණක් ය යන අදහස කිහිප පොලක් ම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවක දී යහපාලන ආංඩුවේ ඇමතිවරයෙකු වූ පාඨලී චම්පික රණවක මෙම යෝජනාව කලේ ය. 2015 ජනවාරි 8 වෙනිදා බලවේගයේ සිවිල් සමාජකාරකයෙකු වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි  මුහුණු පොතේ සටහනකින් මෙයට සමාන අදහසක් දැක්විය. විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඉදිරිපත් කළ අදහස ද මෙයට ම සමාන එකක් විය. මෙම යෝජනාව ගැන තම අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී පැවසුවේ 2015 ජනවාරි 8 වෙනිදා