Skip to main content

Posts

Showing posts from September, 2015
සාකච්ඡාව සදහා වැටුප් ශ්‍රමිකයා කවරෙක් ද? සුමනසිරි ලියනගේ වැටුප් ශ්‍රමිකයා කවරෙක් ද? නිර්ධන පන්තිය ලෙස සැලකිය හැකි පංති තීරූ මොනවාද? විප්ලවවාදී පක්ෂයක පන්ති පදනම වන්නේ සහ විය යුත්තේ කුමන පංතීන්ගෙන් ද? මා මෙම ප්‍රශ්නය මතු කරන්නේ න්‍යායාත්මක ප්‍රශ්නයක් හැටියට නොවේ. ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය තුල දේශපාලන ක්‍රියා මාර්ගය සකස් කර ගැනීමේදී ආසන්නව මතුවන ප්‍රශ්නයක් හැටියට ය. පසුගිය වසර දෙක තුල ඇතිවුන මා සහභාගී වූ දේශපාලන සාකච්ඡා කිහිපයක දීම මෙම ප්‍රශ්නය මතුවිණ. එහෙත් එම ප්‍රශ්නය මතු වූ අවස්ථා හැම එකකදීම වාගේ අපි එම ප්‍රශ්නය සමග නිශ්චිතව පොර බැදීම අත්හැර දැම්මෙමු. ඒ එය දිගට ගෙන යාමෙන් අප මාක්ස්වාදයේ ශුද්ධ වූ පාඨයන් ගෙන් බිදී යාදෝ යන බියෙනි. මෑතකදී වෟත්තීය සංගමයක් තුල ඇතිවූ සාකච්ඡාවකදී මෙම කරුණ වඩාත් සංයුක්තව මතුවිණ. වෟත්තීය සංගමයක් විසින් සංවිධානය කළ යුත්තේ කවුරුන් ද යනුවෙන් පැන නැගුන එම සාකච්ඡාවේදී සෟජු ලෙස නොවුන ද මතු වුයේ මෙම ප්‍රශ්නය ය. වැටුප් ශ්‍රමිකයා, නිර්ධනයා, සහ කම්කරුවා යන පද වලින් ජනප්‍රිය ලෙස හැදින්වුව් ද නැත ද වැටුපට වැඩකරන කොටස් වෟත්තීය සංගමයක් විසින් සංවිධානය කළ යුතු