Skip to main content


අවස්ථාවාදය පරදවමු

6824447-mdලෙනින්ගේ ”අතිවාම කොමියුනිස්ට් වාදය ළදරු වලිප්පුවකි” යන කෘතිය බොහෝ අවස්ථාවල දී තම උවමනාවන් සඳහා අවස්ථාවාදීහූ පරිහරණය කරති. මේ සඳහා හොඳම උදාහරණය දෙසැම්බර් 14 වැනිදා මහාචාර්ය කුමාර් ඬේවිඞ් ීමබා්හ ෂික්බා පත්තරයට ලියූ ලිපියයි. මෛත‍්‍රීපාල සිරිසේනට ඡුන්දය දීමට නිශ්චිතව කීමට ඉදිරිපත් නොවීම ගැන ජනතා විමුක්ති පෙරමුණටත් මහින්ද රාජපක්ෂ සහ මෛත‍්‍රීපාල සිරිසේනට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා නව සමසමාජ පක්ෂය ඇතුළු වමේ පෙරමුණටත් හේ දොස් නඟයි. එසේ කරන්නේ මෙයට පෙර බොහෝ අවස්ථාවාදීන් කළාක් මෙන්ම
ලෙනින්ගෙන් උද්ධෘත පාඨ සොරා ගැනීමෙනි. මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතු වුවද මෛත‍්‍රීපාල සිරිසේනට ඡුන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකිවීම අපට තේරුම්ගත හැක. එවන් තත්වයක් තුළ ජනතා විමුක්ති පෙරමුණ ජනපතිවරණයට ඉදිරිපත් නොවීම හෝ ජනතාව ඉදිරියේ වගකිව යුතු පක්ෂයක් ලෙස ඉදිරිපත් නොවීම එහි ප‍්‍රතිපත්තිමය අඩුව පෙන්වයි. එය වෙනම කරුණකි.
මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කිරීම මඟින් රටට ලොකු දෙයක් නොලැබෙන බව මහාචාර්ය කුමාර් ඬේවිඞ් පිළිගනී. අවම වශයෙන් ඇතිවිය හැක්කේ මහින්ද රාජපක්ෂ ගොඩනඟා ඇති තත්වයට වඩා නරක තත්වයකට රට ඇද නොවැටීම පමණි. උපරිම වශයෙන් තවත් අලූක්කාලක් එකතු වන්නට බැරි නැත. මගේ තක්සේරුව අනුව තත්වය එතරම්ම අයහපත් නැත. මෛත‍්‍රීපාල සිරිසේන බලයට ඒම සමඟ පොඩි ප‍්‍රජාතන්ත‍්‍ර අවකාශයක් ලැබෙනු ඇත.
බැද්දගානේ සංජීවලා පැමිණෙනු ඇත්තේ මෙම හනිමූන් කාලයෙන් පසුය. මෛත‍්‍රීපාල සිරිසේනට වෙනස් ආර්ථික ප‍්‍රතිපත්තියක් නැත. ඔහු කියන්නේ අප මේ නරක දේම වඩා හොඳට කරන බවය. මා මිත‍්‍ර රාජිත සේනාරත්න මෝඩි ක‍්‍රමයට ගමන් ගන්නා බවක් පෙනේ. කළු සල්ලි රටට ගෙන ඒම මඟින් ආර්ථිකය පණගන්වා ගතහැකි යැයි මෝඩි මෙන්ම ඔහු ද සිතයි. මම මෛත‍්‍රීපාල සිරිසේනගේ කතාවලට කන් දුනිමි. මට පෙනෙන්නේ ඔහුට ඇත්තේ ලොකු දුකකි. එනම් රාජපක්ෂ රජ කුමාරවරුනට ලැබෙන සැපසම්පත් තමාට තමාගේ පුතුට දිය නොහැකි වීමය. ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට දැමීමට නොහැකි වීම ගැන ඔහුට ලොකු කනගාටුවක් නැත. මම ජනාධිපති වී දවස් සියයක් ඇතුළත මහාචාර්ය සේනක බිබිලේ ගේ පිඹුරුපතට අනුව යමින් සකස් කළ ඖෂධ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවට දමන බවට කියන්නට ඔහුට කටක් නැත. හයියක් නැත.
මහාචාර්ය ඬේවිඞ් වමට කියන්නේ වමනය විය යුතුබවය. කදිමයිෟ මෙරට ධනපති පන්තිය ගේමක් ගසමින් සිටිති. ලෙනින් අතිවාම කොමියුනිස්ට්වාදය ළදරු වලිප්පුවකි යන කෘතිය තුළ සඳහන් කළ පරිදි සමාජයේ ඉහළ තීරුවට පරණ පන්නයට තම පන්ති පාලනය ගෙනයෑමට නොහැකි වීම තීරණාත්මක වෙනසකට අවශ්‍ය ප‍්‍රථම කොන්දේසියය. එහෙත් එපමණින් තීරණාත්මක වෙනසක් ඇති නොවේ. මෙවන් තත්වයක දී තීණාත්මක වෙනසක් ඇති කිරීමට නම් සමාජයේ පහළ තීරුවලට ශක්තිමත් නායකත්වයක් තිබිය යුතුය. සමාජයේ ඉහළ තීරුවට පරණ පන්නයට තම පන්ති පාලනය ගෙනයෑමට නොහැකි වූ විට මෙයට පෙර වම කළේ එම නායකත්වය දීම නොව සමාජයේ ඉහළ තීරුවට පොඩි වෙනසක් කොට ලෙනින් සඳහන් කළ පරිදි සබන් බෝලයක් ගෙන සතුටු කිරීම ය. 1964 එය කෙරිණ. 2004 දී ද එයම කෙරුණි.
එනයින් සම්මුති දේශපාලනය ලෙනින් නිතරම දැම්මේ තුන්වන තැනටය යන්න ලෙනින්ගේ උක්ත කෘතිය කියවන ඕනෑම කෙනෙකුට වැටහේ. අනික් කරුණ නම් ලෙනින් සම්මුති ගැන කතා කිරීමේ දී නිතරම වාගේ කතා කළේ සමාජ පහළ තීරුව නියෝජනය කරන ප‍්‍රතිසංස්කරණවාදී පක්ෂ සමඟ ඇති කරගන්නා සම්මුති ගැනය. ලෙනින් අනික් එළඹි සම්මුති එක්කෝ රාජ්‍ය අතර සම්මුතිය. ඒ අමාරු තත්වයට මුහුණ දෙන්නට අවශ්‍ය නිසාය.
තමනට ජර්මන් ඒජන්තවරයෙකු ලෙස චෝදනා එල්ලවන බව දැන දැනත් ලෙනින් ජර්මන් කෝච්චියෙන් රුසියාවට 1917 දී ආ බව මහාචාර්ය ඬේවිඞ් අපිට මතක්කර දෙයි. මෙය නම් කදිම විහිළුවකි. ලෙනින් චෝදනාවට බිය නොවූයේ රුසියානු නගර පුරා පිබිදෙමින් තිබූ විප්ලවයත් එයට මුහුණදිය හැකි එහෙත් අවස්ථාවාදී බලපෑම් වලට යටවිය හැකි පක්ෂයකුත් තිබුණ තත්වයකය. එවන් තත්වයක දී අවස්ථාවාදී සම්මුතීනට එරෙහිවය ලෙනින් එය කළේ. මහාචාර්ය ඬේවිඞ් අද එවන් තත්වයක් නැති බව හොඳාකාරව දනී. වාණිජ ගුවන් යානයක නැඟීවත් නැවත ඒමට තරම් මෙම ජනපතිවරණය තීරණාත්මක නොවන බව හේ අවබෝධ කරගෙන ඇත.
සුමනසිරි ලියනගේ

Comments

Popular posts from this blog

  කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය 2 කොටස කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය, අද විමුක්තිවාදී කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ මූලිකාංග සාකච්ඡාවට ගැනීමට පෙරාතුව, කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ අද ස්වභාවය ගැන කෙටියෙන් හෝ සාකච්ඡා කිරීම අවශ්‍ය ය. මෙහිදී මගේ සාකච්ඡාව විශේෂයෙන් යොමුවන්නේ පහුගිය වසර 60 පමණ කාලය තුළ ගෝලීය දකුණේ වෙනස්කම් වෙතය.  මා මීට පෙර සටහනේ දැක්වූ පරිදි වර්තමාන කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය සකස්ව ඇත්තේ කාර්මිකකරණ ක්‍රියාවලිය අනුකරණය කරමිනි. මේ නිසා එය කාර්මික කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය (industrial agricultural mode of production) ලෙස පහසුව සදහා මම හදුන්වමි. කෙසේවුවද අසමාන සංවර්ධන නියාමය (law of uneven development) අනුව එයට කාර්මික නිශ්පාදන මාදිලිය අත්කරගත් සංවර්ධන මට්ටම අත්කරගත නොහැකි විය. මෙයට බල පෑ හේතු කාල් කවුට්ස්කි තම කෘෂිකාර්මික ප්‍රශ්නය පොතේ හත්වෙනි පරිච්චේදයේ සාකච්ඡාකර ඇත්තේ ය. හෙන්‍රි බර්න්ස්ටයින් තම පොතේ හයවෙනි පරිච්ඡේදය තුළ මේ සාධක සාරාංශකරයි.  ධනේශ්වර වර්ධනයේ ආරම්භක අවධියේදී කෘෂිකර්මය සලකනු ලැබුවේ කාර්මිකකරණය සදහා අවශ්‍ය ප්‍රාග්ධනයෙහි මූලයයක් ලෙස සහ කිසියම් ප්‍රමාණයකට කාර්ම
  කෘෂිකාර්මික ප්‍රශ්නය ගැන නැවතත් මා විසින් මීට වසර හතරකට පමණ පෙර ලියූ ලෙනින් විසින් (නැප්චූන් පබ්ලිකේෂන්, 2018) කෘතියේ කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්නය ගැන ලියවුන පරිච්චේදය මම අද උදැහන නැවත කියවීමි. එය විචාරීය කියවීමක් වූයේ පහුගිය වසර දෙක තුන තුළ මගේ අත්දැකීම්, කියවීම් සහ භාවිතයන් හමුවෙහි ඒ ලියූ දේ කෙතරම් නම් වලංගුද යන්න එම කියවීමෙහි අරමුණ වූ හෙයිනි. මේ සටහන ඒ කියවීමෙහි ප්‍රතිඵලයකි. මාක්ස්වාදී සාහිත්‍යයේ කෘෂිකාර්මික ප්‍රශ්නය සාකච්ඡා කෙරුනේ කෘෂිකර්මය තුළ ධනේශ්වර නිශ්පාදන සම්බන්ධතා කෙසේ කුමන ක්‍රියාවලියක් හරහා ගොඩනැගෙන්නේ ද යන ප්‍රශ්නය වටා ය. එම ක්‍රියාවලිය කාර්මික වර්ධනයට කෙසේ ආධාරවන්නේ ද යන්න ඒ හා බැදුන අනෙක් ගැටලුව ය. ලෙනින් පුලුල් වශයෙන් මෙම පරිවර්තනය දෙආකාරයකින් සිදුවේ යැයි කල්පනා කළේ ය. ඒ පහතින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from below) සහ ඉහළින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from above) යනුවෙනි. පළමුවැන්නට ඔහුගේ උදාහරණය ඇමරිකා එක්සත් ජනපදය වූ අතර දෙවැන්නට උදාහරණය ලෙස හේ දැක්වූයේ ප්‍රසියාව ය. මා යෝජනා කරන පළමුවෙනි ප්‍රස්තූතය වන්නේ ගෝලීය දකුණේ බොහෝ රටවල කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්
Constitutional Reforms: Would it be a solution to the national question February 15, 2017, 8:01 pm   By Sumanasiri Liyanage A German friend of mine whom I met after 7 years in the middle of our conversation asked me about the state reforms project of the Yahapalana government. He said that many people he met had been sanguine about them in spite of some minor difficulties. Lankans have been talking about the state reforms since the second republican constitution was promulgated in 1978. Three main questions have been posed, namely, (1) The executive presidential system and over-centralized architecture of the constitution; (2) the constitutional relevance in ethnically divided society; and (3) the representational deficiency in the system of election. After a heated debate in the 1980s and 1990, the heat of the constitutional debate has now subsided as many seem to believe that the present system has reached some stability. This may be partly due to the rigid character of th