පොදුජන බලය නැතිනම් මුකුත් වෙන්නේ නැහැ – ආචාර්ය සුමනසිරි ලියනගේ Posted on January 18, 2015 by janarala ජනාධිපතිවරණය අවසන්ව නව පාලනයක මුල් හැඩරුව පැමිණ තිබේ. මෙම නව තත්වයට පසුබිම් වූ සමාජ දේශපාලන ක‍්‍රියාකාරීත්වය පිළිබඳ සමාලෝචනයක් සඳහා අපි සමාජ ක‍්‍රියාකාරිකයන් හා විද්වතුන් පිරිසකට ආමන්ත‍්‍රණය කළෙමු. ජනාධිපතිවරණය ඔස්සේ ප‍්‍රවේශ වූ දේශපාලන ක‍්‍රියාවලිය පිළිබඳ හැරී බැලීමක් සඳහා අප ගත් උත්සාහයක පළමු පියවර මෙයයි. විධායක ජනාධිපති ක‍්‍රමය, එකම පුද්ගලයෙක් වටේ බලය ඒකරාශී වීමට විරුද්ධව මතු වූ අදහස් පසුකාලීනව මතවාදීමය වශයෙන් පරිණාමයක් සිද්ධවුණා. ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ සිදු වූ ඒ වෙනස සම්බන්ධයෙන් ඔබ දරන අදහස මොකක්ද? ආරම්භක සංවාදය පදනම් වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන බොහෝ කාලයක පටන් කරපු ඉල්ලීම මත. විශේෂයෙන් ඒක කේන්ද්‍රගත ඉල්ලීමක් වුණේ 1994 මැතිවරණයේ දී. ජනතා විමුක්ති පෙරමුණ 1994 දී සිය අපේක්ෂකයා ඉල්ලා අස්කර ගත්තේ එම ඉල්ලීමට වැදගත් තැනක් දීම නිසයි. මෑතක විරුද්ධ පක්ෂ විසිරිලා තිබෙන අවස්ථාවක තමයි එම අදහස මතු කළේ. මේ අදහසට කිසියම් වූ ජයප‍්‍රිය...