කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය 2 කොටස කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය, අද විමුක්තිවාදී කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ මූලිකාංග සාකච්ඡාවට ගැනීමට පෙරාතුව, කෘෂිකාර්මික නිශ්පාදන මාදිලියේ අද ස්වභාවය ගැන කෙටියෙන් හෝ සාකච්ඡා කිරීම අවශ්‍ය ය. මෙහිදී මගේ සාකච්ඡාව විශේෂයෙන් යොමුවන්නේ පහුගිය වසර 60 පමණ කාලය තුළ ගෝලීය දකුණේ වෙනස්කම් වෙතය. මා මීට පෙර සටහනේ දැක්වූ පරිදි වර්තමාන කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය සකස්ව ඇත්තේ කාර්මිකකරණ ක්‍රියාවලිය අනුකරණය කරමිනි. මේ නිසා එය කාර්මික කෘෂිකාර්මික නිශ්පාදන මාදිලිය (industrial agricultural mode of production) ලෙස පහසුව සදහා මම හදුන්වමි. කෙසේවුවද අසමාන සංවර්ධන නියාමය (law of uneven development) අනුව එයට කාර්මික නිශ්පාදන මාදිලිය අත්කරගත් සංවර්ධන මට්ටම අත්කරගත නොහැකි විය. මෙයට බල පෑ හේතු කාල් කවුට්ස්කි තම කෘෂිකාර්මික ප්‍රශ්නය පොතේ හත්වෙනි පරිච්චේදයේ සාකච්ඡාකර ඇත්තේ ය. හෙන්‍රි බර්න්ස්ටයින් තම පොතේ හයවෙනි පරිච්ඡේදය තුළ මේ සාධක සාරාංශකරයි. ධනේශ්වර වර්ධනයේ ආරම්භක අවධියේදී කෘෂිකර්මය සලකනු ලැබුවේ කාර්මිකකරණය සදහා අවශ්‍ය ප්‍රාග්ධනයෙහි මූලයයක් ලෙස සහ කිසියම් ප්‍රමාණයකට කාර්ම
කෘෂිකාර්මික ප්‍රශ්නය ගැන නැවතත් මා විසින් මීට වසර හතරකට පමණ පෙර ලියූ ලෙනින් විසින් (නැප්චූන් පබ්ලිකේෂන්, 2018) කෘතියේ කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්නය ගැන ලියවුන පරිච්චේදය මම අද උදැහන නැවත කියවීමි. එය විචාරීය කියවීමක් වූයේ පහුගිය වසර දෙක තුන තුළ මගේ අත්දැකීම්, කියවීම් සහ භාවිතයන් හමුවෙහි ඒ ලියූ දේ කෙතරම් නම් වලංගුද යන්න එම කියවීමෙහි අරමුණ වූ හෙයිනි. මේ සටහන ඒ කියවීමෙහි ප්‍රතිඵලයකි. මාක්ස්වාදී සාහිත්‍යයේ කෘෂිකාර්මික ප්‍රශ්නය සාකච්ඡා කෙරුනේ කෘෂිකර්මය තුළ ධනේශ්වර නිශ්පාදන සම්බන්ධතා කෙසේ කුමන ක්‍රියාවලියක් හරහා ගොඩනැගෙන්නේ ද යන ප්‍රශ්නය වටා ය. එම ක්‍රියාවලිය කාර්මික වර්ධනයට කෙසේ ආධාරවන්නේ ද යන්න ඒ හා බැදුන අනෙක් ගැටලුව ය. ලෙනින් පුලුල් වශයෙන් මෙම පරිවර්තනය දෙආකාරයකින් සිදුවේ යැයි කල්පනා කළේ ය. ඒ පහතින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from below) සහ ඉහළින් කෙරෙන ධනේශ්වර ක්‍රමය (capitalism from above) යනුවෙනි. පළමුවැන්නට ඔහුගේ උදාහරණය ඇමරිකා එක්සත් ජනපදය වූ අතර දෙවැන්නට උදාහරණය ලෙස හේ දැක්වූයේ ප්‍රසියාව ය. මා යෝජනා කරන පළමුවෙනි ප්‍රස්තූතය වන්නේ ගෝලීය දකුණේ බොහෝ රටවල කෘෂිකාර්මික සහ ගොවි ප්‍රශ්