Skip to main content

Posts

Showing posts from May, 2015
දැනට ලියාගෙන යන පොතක  කොටසක්..... හතරවෙනි පරිච්චේදය අසාධාරණයට සහ අනාරක්ෂිත භාවයට හේතු කවරේද?  පලවෙනි කොටස “මෙම ග්‍රහලෝකය බැංකුවක් වීනම් මේ වනවිටත් ඔව්හු  එය බේරාගනු ලබනු ඇත්තාහ.” -ග්‍රීන්පීස් ෆොස්ටරයකින් අසාධාරණය සහ අනාරක්ෂිත භාවය තනි හේතුවකින් පැන නගින්න කැයි කරන පැහැදිලි කිරීම කිසිසේත් ම පිළිගත නොහැක. අසාධාරණය සහ අනාරක්ෂිත භාවය වර්තමාන සමාජයට පමණක් පොදු වූ ගති ලක්ෂණ යක් හැටියට දැක්වීම ද නිවැරදි නොවේ. විවිධ හේතුන් මත පැරණි සමාජයන්හි දැඩි අසාධාරණයක් සහ අනාරක්ෂිත භාවයක් පැවති බවට පෙර අපර දෙදිග ඉතිහාසයන් මගින් පෙන්නුම් කෙරේ. පැරණි සමාජයන්හි අනාරක්ෂිත භාවයට බොහෝ විට පාදක වුයේ මංකොල්ල කරුවන්ගේ ආක්‍රමණ සහ ස්වාභාවික ව්‍යසනයන් සහ වසංගත රෝග මගින් ඇතිවුන පීඩාවන් ය. මෙහි ප්‍රතිපලයක් ලෙස එකල  මානුෂ ආයු කාලය බෙහෙවින් කෙටි විය. අසාධාරණය සහ අනාරක්ෂිත භාවය අවිච්චින්නව පැවතීමට එක ප්‍රධාන හේතුවක් වන්නේ ඒ හරහා කිසියම් යහපතක් වන්නේ ය යන අදහස මනුෂ්‍ය සිත් සතන් වල කාවැදී තිබීම ය. රජුනට අවනත වීම දෙවියනට ගරු කිරීමක් ලෙස සැලකීම නිසා රජුන්ගේ සහ ඔහුගේ නිලධාරයේ පාලනයෙන් වන අසාධාරණය සහ මර